Posts

" Blouse එක "

Image
 මම දවසක් නOගි එක්ක ගියා shopping . එතනදි මට හම්බුනා ඉස්කෝලෙ යාලුවෙක්ව. Sorry,යෙහෙලියෙක්. අපි දෙන්නා පරණ කතා මතක් කර කර shopping කරන්න පටන් ගත්තා.  එයා හොයන්නෙ blouse එකක්. මම එකක් තේරුවා. "අනේ ඒක sleevelessනේ dear!" 'ඉතින්?' මම ඇහුවා. "ඕක ඇදගෙන bus එකේ අත උස්සන්නවත් බෑනේ,පිරිමි ටික ඔක්කොම ඒ දිහා බලනවා." තව විනාඩි 10ක් විතර ගියා. මම තව එකක් අරන් 'ආ, මේක හොදයි නේ?'" අනේ, ඒකේ කර deep වැඩී !"  'එතකොට ඔයා කියන්නෙ මිනිස්සු ඕකෙ ඇතුලටත් එබි එබි බලනව කියලද?' "නැතුව?" තවත් විනාඩි 10කින් විතර පස්සෙ එකක් තෝරගෙන,"මේක කොහොමද?"  ඇහුවා. 'ඕක කොට වැඩි නැද්ද?....නෑ ඉතින් එකේ' මට කියල ඉවර කරන්න හම්බුනේ නෑ ,"අනේ ඔව්නේ ...මම ඒක notice කලේම නෑනෙ!" අතට ගත්ත blouse එක අයෙත් තිබ්බා. එතකොටම නOගි ආවා,ඇදුම් 2,3 ක්ම තෝරගෙන."අක්කෙ, යමුද?" 'එහෙනම් අයෙ හම්බෙමුකො, මම යන්නම්.'මම යෙහෙළියට සමුදුන්නා. ගෙදර යන ගමන් මම නOගිට විස්තරේ කිව්වා. "ඔයාට ඉන්නෙ ඔය වගෙ psycho යාලුවො තමයි." හිනාවෙවි එහෙම කියපු නOගි ක...

"යෝධයා"

Image
අද දවල්ට උයන්න ටිකක් පරක්කු උනා. ගෙදර අයට බඩගින්න වැඩියෙන් දැනෙන්නෙ ඒ වගේ වෙලාවට, විශේෂයෙන්ම පොඩි එකාට. ඔන්න ඉතින් උණු උණුවෙම බත් බෙදුවා. "අපෝ උණුයිනේ!"පොඩි පැමිණිල්ලක්. එතකොට පොඩි එකාගෙ අප්පච්චිට කතාවක් මතක් වුනා.දුටුගැමුණු රජ්ජුරුවන්ට බත් කනකොට වෙචිචි දෙයක්.ඒක රස කර කර කියද්දි පොඩි එකත් කට ඇරගෙන අහගෙන හිටියා.බඩගින්නත් අමතකයි.ඔන්න ඉතින් කතාව ටිකක් දික් වෙලා දස මහා යෝධයන්ගෙ කතාවත් මතු උනා. "තාත්තේ, ඔය යෝධයො Obelix  (ජිම් පප්පා) වගේද? මම හිනාව තදකරගෙන,"නෑ පුතේ, එහෙම ලොකු බඩක් නෑ.හැබැයි අපිට වඩා උසයි, මහතයි." මම කිව්වා. "ආ.......! හරි හරි, අර උඩට ඇදුම් නැතුව, ඉරිච්ච කොල පාට කොට කලිසමක් ඇදන් ඉන්න එක්කෙනාද?" පොඩි එකා ජයග්‍රාහී හඩකින් අහුවා. "ඈ..... කවුද ඒ?"මට ඉබේටම ඇහුනා. "නෑ පුතේ,ඒ hulk නේ."කියලා පුතාට කියපු අප්පච්චි මගේ දිහාවට හැරිලා කිව්වා" අර .....(අහවල්)shopping mall එකේ hulk statue එකක් තිබ්බා ගොඩක් ලොකුවට හදලා.පුතා මාත් එක්ක හිටියේ එතනට වෙලා, ඔයා shopping කරනකන්." "ආ දැන් බත් කන්නකො,පස්සෙ වෙලාවක මම දස මහ යෝධයෙක්ග...