"යෝධයා"
අද දවල්ට උයන්න ටිකක් පරක්කු උනා. ගෙදර අයට බඩගින්න වැඩියෙන් දැනෙන්නෙ ඒ වගේ වෙලාවට, විශේෂයෙන්ම පොඩි එකාට.
ඔන්න ඉතින් උණු උණුවෙම බත් බෙදුවා.
"අපෝ උණුයිනේ!"පොඩි පැමිණිල්ලක්.
එතකොට පොඩි එකාගෙ අප්පච්චිට කතාවක් මතක් වුනා.දුටුගැමුණු රජ්ජුරුවන්ට බත් කනකොට වෙචිචි දෙයක්.ඒක රස කර කර කියද්දි පොඩි එකත් කට ඇරගෙන අහගෙන හිටියා.බඩගින්නත් අමතකයි.ඔන්න ඉතින් කතාව ටිකක් දික් වෙලා දස මහා යෝධයන්ගෙ කතාවත් මතු උනා.
"තාත්තේ, ඔය යෝධයො Obelix (ජිම් පප්පා) වගේද?
මම හිනාව තදකරගෙන,"නෑ පුතේ, එහෙම ලොකු බඩක් නෑ.හැබැයි අපිට වඩා උසයි, මහතයි." මම කිව්වා.
"ආ.......! හරි හරි, අර උඩට ඇදුම් නැතුව, ඉරිච්ච කොල පාට කොට කලිසමක් ඇදන් ඉන්න එක්කෙනාද?" පොඩි එකා ජයග්රාහී හඩකින් අහුවා.
"ඈ..... කවුද ඒ?"මට ඉබේටම ඇහුනා.
"නෑ පුතේ,ඒ hulk නේ."කියලා පුතාට කියපු අප්පච්චි මගේ දිහාවට හැරිලා කිව්වා" අර .....(අහවල්)shopping mall එකේ hulk statue එකක් තිබ්බා ගොඩක් ලොකුවට හදලා.පුතා මාත් එක්ක හිටියේ එතනට වෙලා, ඔයා shopping කරනකන්."
"ආ දැන් බත් කන්නකො,පස්සෙ වෙලාවක මම දස මහ යෝධයෙක්ගෙ පින්තූරයක් හොයල දෙන්නම්කො" මම කතාව එතනින් නැවැත්තුවෙ පොඩි එකා තව මොන මොන නම් කියයිද කියල දන්නෙ නැති නිසා.
අද දරුවන්ගෙ විතරක් නෙමේ, අපේ ගොඩක් වැඩිහිටියන්ගෙ හිතෙත් ඇදිල තියන යෝධයො ඔය වගේ market කරපු චරිත තමයි නේද කියල මමත් එදා තේරුම් ගත්තා.
Comments
Post a Comment