" Blouse එක "
මම දවසක් නOගි එක්ක ගියා shopping. එතනදි මට හම්බුනා ඉස්කෝලෙ යාලුවෙක්ව. Sorry,යෙහෙලියෙක්.
අපි දෙන්නා පරණ කතා මතක් කර කර shopping කරන්න පටන් ගත්තා.
එයා හොයන්නෙ blouse එකක්. මම එකක් තේරුවා.
"අනේ ඒක sleevelessනේ dear!"
'ඉතින්?' මම ඇහුවා.
"ඕක ඇදගෙන bus එකේ අත උස්සන්නවත් බෑනේ,පිරිමි ටික ඔක්කොම ඒ දිහා බලනවා."
තව විනාඩි 10ක් විතර ගියා. මම තව එකක් අරන් 'ආ, මේක හොදයි නේ?'"
අනේ, ඒකේ කර deep වැඩී !"
'එතකොට ඔයා කියන්නෙ මිනිස්සු ඕකෙ ඇතුලටත් එබි එබි බලනව කියලද?'
"නැතුව?"
තවත් විනාඩි 10කින් විතර පස්සෙ එකක් තෝරගෙන,"මේක කොහොමද?"
ඇහුවා. 'ඕක කොට වැඩි නැද්ද?....නෑ ඉතින් එකේ' මට කියල ඉවර කරන්න හම්බුනේ නෑ ,"අනේ ඔව්නේ ...මම ඒක notice කලේම නෑනෙ!" අතට ගත්ත blouse එක අයෙත් තිබ්බා.
එතකොටම නOගි ආවා,ඇදුම් 2,3 ක්ම තෝරගෙන."අක්කෙ, යමුද?"
'එහෙනම් අයෙ හම්බෙමුකො, මම යන්නම්.'මම යෙහෙළියට සමුදුන්නා.
ගෙදර යන ගමන් මම නOගිට විස්තරේ කිව්වා.
"ඔයාට ඉන්නෙ ඔය වගෙ psycho යාලුවො තමයි." හිනාවෙවි එහෙම කියපු නOගි කට ඇද කරලා තාලෙට මෙහෙමත් ඇහුවා,'එයා හොයන blouseඑක ඇදගෙන යද්දි ඔය පිරිමි ටික සිල් අරගෙන ඉදී නේ අක්කේ?'
'ඔයාට වගේ කටක් තිබ්බනම් පන්සිල් නෙමේ අටසිල්ම අරගනියි කට්ටියම'
Comments
Post a Comment